මර්වින් සිල්වා දේශපාලනයේ සිටිය යුතුයි..! මගේ ආශීර්වාදය ඔහුටයි..! – කැලණි විහාරාධිපති හිමි…

March 25, 2023 at 6:36 pm | by emanisa.lk

කැලණියේ ජනතාව හිටපු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා අමතක කර නොමැති බව කැලණිය විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පවසයි.

අදට යෙදෙන උපන් දිනය වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට මර්වින් සිල්වා එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ එහිමියන් මේ බව සඳහන් කළහ.

මර්වින් සිල්වා කැලණියට සිදුකළ සේවය ජනතාවට අමතක නොමැති බවත් එය ප්‍රකාශ කිරීමට කිසිදු අවස්ථාවක නොපැකිළෙන බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

එහි දී මහාචාර්ය සංඝරක්ඛිත හිමි වැඩි දුරටත් සඳහන් කළේ, ආචාර්ය මර්වින් සිල්වා දේශපාලනයේ සිටිය යුතු ම යමක් කළ හැකි දක්ෂයෙකු බවත් ඔහුට සිය ආශීර්වාදය හිමි වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *