මම සමලිංගිකයෙක්….. ඉතින් මොකද…. බුදුන්ගේ අසූ මහ ශ්‍රාවිකාවන්ගෙන් 34ක් නිදහස් ලිංගිකයෝ…..! – මංගල

February 11, 2021 at 11:57 am | by emanisa.lk

තමන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර සඳහන් කරයි.

තමන්ගේ සමලිංගික කැමැත්ත සැඟවිමට කිසිදු හේතුවක් නැතැයි පවසන ඔහු කෙනෙකුගේ ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බව ද කියයි.

බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් අතරින් 34 දෙනෙකු ම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සමලිංගික විවාහ නීතිගත කිරීමට උත්සාහ කළ අතර මංගල සමරවීර එම ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ අමතා හත් වරක් ඊට අනුමැතිය ඉල්ලා තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *