තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
තලවකැලේ ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පසුගියදා එක්වී තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී බවයි, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.