මම මගේ පියාණන් වගේම උතුම් සිංහල බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා! – සජිත්

July 5, 2020 at 12:38 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සිංහල දෙමළ මුස්ලිම ජනතාව එකිනෙකා බේද කිරීමේ විෂම චක්‍රය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් තමා සිය පියාණන් මෙන් උතුම් සිංහල බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රීයාවට නඟමින් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යන ඒ ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

එම ප්‍රතිපත්තිය මත පිහිටා ජාතික සමගිය, සංහිඳියාව, ජාතීන් අතර එකමුතුභාවය ඇති කර ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කර දැමීමට තමා කටයුතු කරන බව ද හිටපු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මඩකලපුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස