අහිංසක මම පරිසර හෝ නිවාස ඇමැති නෙමෙයි…! මම කැලෑ කැපූ බවට කිසිම සාක්ෂියක් නෑ…! – විල්පත්තුව වවන්න බෑ කියා බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…..

February 1, 2021 at 5:42 pm | by emanisa.lk

විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, පරිසර ඇමැති, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සඳහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බව ද පෙත්සම මගින් පෙන්වා දෙයි.

කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද බදියුදීන් සිය විශේෂ අභියාචනයෙන් සඳහන් කර ඇත. එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනි දා ලබා දුන් එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් ඉල්ලා සිටී

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස