මම පරාද වුණා තමයි! ඒත් බැසිල් මං බලා ගනියි! – ලක්ෂ්මන් යාපා

August 7, 2020 at 9:56 pm | by emanisa.lk

තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ බැසිල් රාජපක්ෂගේ ආශීර්වාදය හිමි වනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

පරාජයෙන් පසු සිය පාක්ෂිකයන් හමු වූ අවස්ථාවේ ඔහු මේ බව පවසා තිබේ.

“ජය පරාජය දෙකම අපි විඳදරා ගන්න ඕන. ඒ නිසා මම කියන්නේ ඕගොල්ලන්ට පුද්ගලිකව කරන්න පුළුවන් උදව් මම කරනවා. 71 දාහක් අපිත් එක්ක හිටියානේ. ඔය වරදානවලට නොයෙක් දේවල්වට කට්ටිය රැවටෙන්න ඇති බොහෝ දෙනෙක්.

ඒක තව මාස හයක් හතක් යනකොට ගොඩක් දෙනෙක්ට ඒක තේරේවී. අපි බලමු ඉස්සරහට එන විදියක් බලලා දේශපාන වශයෙන් ගන්න තීන්දුව මම ගන්නම්. මම ගන්න තීන්දුව ගැන තාම මට කියන්න බෑ. ඉවසීමෙන් මෙනවා හරි බලලා මම තීන්දුවක් ගන්නවා.

ඉවසමු, ඉවසමු මෙහෙමයි මම කව්ද කියලා ඒ ගොල්ලන් දන්නවා. විශේෂයෙන් බැසිල් මහත්මයා දන්නවා. ඒ නිසා බැසිල් මහත්මයා ආරක්ෂාවක් මට දෙනවා කොහෙන් හරි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස