මම නිසා පොඩි කාලේ ම දුවගේ අත පිච්චුණා…! අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා..! – විමල් වීරවංශ…

February 19, 2024 at 3:29 pm | by emanisa.lk

සිය දියණිය කුඩා කල නටන වතුර බඳුනකට අත දැමීම නිසා අත පිළිස්සුනු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඒ අවස්ථාවේ තමන් සහ බිරිඳ කතා බස් කරමින් සිටි බවත් දියණිය පිළිබඳ අවධානය ගිලිහීම නිසා මෙම අනතුරු වූ බවත් හෙතෙම සඳහන් කරයි.

එම අනතුරට තමන් ද වගකිව යුතුය යන හැඟීමෙන් තමන් තවමත් පීඩා විඳින බවත් එම කැළැල දකින වාරයක් පාසා අදත් තමන්ට දුක හිතෙන බවත් විමල් වීරවංශ සඳහන් කරයි.

අතීතයට ගොස් තමන් අතින් සිදු වූ වරදක් නිවැරදි කරගැනීමට වරයක් ලැබුණොත් තමා නිවැරදි කරන්නේ එය බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *