මම දේශපාලනේට ආවේ නැත්නම් අද ගුවන් නියමුවෙක්…! අහසේ දී එංජිම නැවතුණු යානයක් වගේ රට බේරගන්න සූදානම්..! – සජිත්…

March 19, 2023 at 5:47 pm | by emanisa.lk

තමා දේශපාලනයට නොපැමිණියේ නම් ගුවන් නියමුවෙකු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

යානයේ සිටින මගී ජනතාව ආරක්ෂිතව ගමනාන්තයට රැගෙන යාමේ භාරදූර වගකීම ගුවන් නියමුවා මත පැවරී ඇති බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මෑතක දී උඩුගුවනේ දී එංජින් දෙකම ක්‍රියාවිරහිත වූ කැනඩා ගුවන් සේවයේ යානයක් ඉතා ම සුරක්ෂිතව ආසන්නතම ගුවන්තොටුපළට ගොඩබස්වා මගීන්ගේ ජීවිත බේරා දෙන්නට නියමුවන් කටයුතු කළ බව සජිත් ප්‍රේමදාස සිහිපත් කළේය.

රටක පාලකයාගේ වගකීම ද උඩුගුවනේ එංජිම ක්‍රියා විරහිත වූ ගුවන් යානය සහ මගීන් නියමුවා විසින් ආරක්ෂා කළා සේ බංකොලොත් වූ රට සහ ජනතාව සුරක්ෂිතව රැක ගැනීම බව හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *