වසරක් වැනි කාලයක් ඇතුළත රටට බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වීම පිළිබඳ කුහක නොවන ලාංකිකයෙක් ලෙස තමා සතුටු වන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ජනාධිපතිවරයා තවත් ඩොලර් බිලියන 07ක් ණය ගැනීමට සූදානම් බව ප්‍රකාශ කොට ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
එහෙත් එලෙස ගන්නා සෑම ඩොලරයක් ම පොලිය සමග නැවත ගෙවිය යුතු බවත් අර්බුදයට විසඳුම තව තවත් ණය ගැනීම නොවන බවත් උදය ගම්මන්පිල අවධාරණය කරයි.
ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කීය.