ජනතාව වෙනුවෙන් කිසිදු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලනඥයන් එය විශ්වාස නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කරයි.
තමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ යැයි ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ඔහු සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයෙක් බවට හොඳම උදාහරණයක් යැයි ද ජනක රත්නායක කීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු එසේ පැවසීය.