පසුගිය කාලයේ තමා විසින් සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව නුදුරු අනාගතයේ දී සනාථවනු ඇති බව ඇමැති ආචාර්ය සරත් වීරසේකර පවසයි.
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම් සහෝදරයින්ගේ පියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල දී අනුර කුමාර දිසානායකට ද ප්‍රකාශ ලබාදීමට සිදුවනු ඇති බව හෙතෙම පවසයි.
අනුර කුමාර දිසානායක ඊයේ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
“මා පසුගිය දිනවල කියපු සහ කරපු වැඩ පුස් වෙඩිල්ලක් බවට අනුර කුමාර මහතා කියලා තියෙනවා. ඒවා පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියලා ඉතා ම කෙඩි කාලයකදී අනුර කුමාරට දැනගන්න පුළුවන් වෙයි.
පාස්කු ප්‍රහාරයේ දරුණු ම අපරාධ කළ බෝම්බකරුවන් දෙදෙනාගේ පියා තමයි ඊබ්‍රහිම්. ඔහු තමයි මේ ප්‍රහාරය එල්ල කරන්න ලක්ෂ 300ක් සහරාන්ට දුන්නෙ. ඊබ්‍රහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටියා. අනුර කුමාරට ඒ සම්බන්ධයෙන් නුදුරු අනාගතයේ දී පැහැදිලි කිරීමක් කරන්න වෙයි.”