අන්තවාදය උගන්වන මද්රාසා පාසල් තහනම් කරනවා….! සියලු දරුවන් උගත යුත්තේ රජය අනුමත විෂය මාලාවයි…! – සරත් වීරසේකර….

February 10, 2021 at 9:53 am | by emanisa.lk

නුදුරේ දී ම අන්තවාදී ආගමික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තහනම් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

එසේ ම මේ රටේ උපදින දරුවන්ට අවුරුදු 18 ඉක්ම වන තුරු ඉගැන්විය යුත්තේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව හෙයින් මද්රාසා පාසල් තහනම් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

එක එක කණ්ඩායම්වලට උවමනා ආකාරයට පාසල් ආරම්භ කර එක එක විෂය මාලා ඉගැන්වීමට ඉඩදිය නොහැකි බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

වෙන ම පාසල් වෙනම උසාවි වෙන ම නීති පවත්වා ගෙන යාමට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා සහාය ලබා දෙන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස