තමන් ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවට ඇතැමුන් ප්‍රචාරණය කරන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
පිල් මාරු කිරීමට තමන්ට මානසික රෝගයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
රාජිත සේනාරත්න මේ බව පැවසුවේ ඊයේ (10) දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරියේදී සමගි ජන බලවේගයෙහි බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්ව සකස් කිරීමටත් වෘත්තීය සමිති ව්‍යාපාරය බලගැන්වීමටත් කටයුතු කරන බව පැවසූ රාජිත සේනාරත්න ඒ හරහා එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සටන් වදින බවත් ප්‍රකාශ කළේය.