ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව රංගන ශිල්පිනී අනෝමා ජනාදරී පවසයි.
තමන් අවුරුදු 4 දී මානසික දූෂණය ද අවුරුදු 17 දී කායික දූෂණයට ද ලක් වූ බව පවසන අනෝමා එහෙයින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බව පවසයි.
මේ රටේ මිනිසුන් බල්ලන් බළලුන් මෙන් දරුවන් හදන බවත් එහෙයින් ලිංගික අධ්‍යාපනය වැඩහිටියන්ට ද ලබාදිය යුතු බවත් පවසයි. ඒ සඳහා තමා ලියූ පොත සෞඛ්‍ය අමාත්‍යංශය අනුමත නොකළ බව ද අනෝමා අනාවරණය කළාය.
එහෙයින් පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු බවත් හතේ අපේ පොතෙහි කිසිම ගැටලුවක් නොමැති බවත් ඇය අවධාරණය කළාය.