තමන් අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව අතුරලියේ රතන හිමි පවසයි.
මැතිවරණය අවස්ථාවේ තම විජයධරණී පක්ෂය, අපේ ජනබල පක්ෂය සමග සන්ධානගත වූ බවත් එහිමියෝ අනාවරණය කරති.
එහෙයින් අපේ ජනබල පක්ෂයට තමාට එරෙහිව විනය පරීක්ෂණ කැඳවිය නොහැකි බවත් රතන හිමි පෙන්වා දෙයි.
කිසිවෙකු කලබල විය යුතු නැති බවත් සිය මන්ත්රී ධූරය සඳහා අපේ ජනබල පක්ෂයේ ක්රියාමාර්ග කිසිදු බලපෑමක් නොකරන බවත් එහිමියෝ අවධාරණය කරති.
කෙසේ වුව ද රතන හිමියන් පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන සඳහා ය.