මන්ත්‍රී විශ්‍රාම වැටුප් කප්පාදුට ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරු එරෙහි වුණා ද? – බැසිල් හෙළි කරයි..

November 13, 2021 at 2:37 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීම සඳහා වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු බවට යෝජනාව කළේ කවුදැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනාවරණය කළේය.

“මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් කරන්න ඕනේ. ඒ පනත ගෙන ඒමේ දී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබෙයි කියලා හිතනවා. විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ වසර 10ක් වත් සේවය කළොත් තමයි රජයේ සේවකයින්ට.

ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නෑ කියලා. වසර 10ක් වත් සම්පූර්ණ කළ යුතුයි කියලා. ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු.

මේකට වැඩියෙන්ම සතුටු වුණෙත් ඒ මන්ත්‍රීවරු. මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. මම ඔවුන්ට ගෞරව කරනවා ඒකට.”

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස