මන්ත්‍රීවරුන් නැතිව පළාත් සභා දිගට ම අක්‍රීය වෙයි…! ඡන්ද පැවැත්විය නොහැකි බව නීතිපති ආණ්ඩුවට කියයි…!

October 9, 2021 at 5:49 pm | by emanisa.lk

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇත.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මේ බව අනාවරණය කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව අක්‍රීය වී ඇති පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට ඇති එකම බාධාව මෙම නීතිමය තත්ත්වය බව සභාපතිවරයා එම කාරක සභාවට දැනුම් දුන්නේය.

එම විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (8)රැස්විය. දිනේෂ් ගුණවර්ධන නීතිපතිවරයාගේ මතය එහි දී සභාවට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *