පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය කල් තැබීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති සාකච්ඡා කර ඇතත් ප්‍රතිවිරෝධතා නිසා මෙම තීන්දුව ගෙන තිබේ.
ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් එම කාරක සභාවේදී දැඩිව පෙන්වාදී ඇත.
මෙයට පෙර වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 116ක් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.