මන්ත්‍රී ඉන්ධන දීමනාව ඉහළ දැමේ..! මාසෙකට ලක්ෂ දෙකක දීමනාවක්…!

July 30, 2022 at 10:51 am | by emanisa.lk

සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත. සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ට ද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය ජුනි මාසය දක්වා ඉන්ධන දීමනාව ලබා දුන්නේ පැරැණි ඉන්ධන මිලට අනුවය.

කෙසේ වුව ද ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතා ම අඩු වශයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *