මධ්‍යම අධිවේගයේ තවත් මහා ගසා කෑමක්! ව්‍යාපෘති අත්සන් කරන්නත් කලින් මිලියන 1931ක් ගිලලා!

February 5, 2020 at 11:29 am | by emanisa.lk

මධ්‍යම අධවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත් අත්සන් කිරීමටත් ප්‍රථම ව්‍යාපෘති කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, නඩත්තුව හා වාහන සඳහා රුපියල් මිලියන 1931ක් මුදලක් වැය කර තිබේ.

මෙම කොටස ඉදිකිරීම සඳහා 2017 වර්ෂය වන විට කොන්ත්‍රාත්කරු සහ උපදේශක සමාගම තෝරාගෙන තිබූ අතර වෙනත් ඉදිකිරීම් අනුමත කර නොමැත. ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් මිලියන 3200ක් වැයකර ඇත.

එහෙත් කොන්ත්‍රාත් සමාගම එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපෘති කළමනාකරණය සඳහා සේවකයන් බඳවා ගෙන නඩත්තු කර ඇති බව විගණනයේදී හෙළිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස