මදූෂ් ඩුබායිහි එල්ලා මරවා ජාමේ බේරගන්න බලවතෙක් ලොකු සටනක!

February 7, 2019 at 6:16 am | by admin

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප‍්‍රබල පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒම සදහා වන සැලසුමට මෙරට දේශපාලන ප‍්‍රබලයෙක් විසින් බාධා කරමින් සිටින්නේ යයි වාර්තා පල වෙයි.

මධුෂ් මෙරට ගෙන ආවහොත් ඔහු විසින් කරනු ඇති හෙලිදරවු හේතුවෙන් තමනට දැඩි බලපෑමක් වේයයි අදහසින් මෙම ප‍්‍රබලයා දැනටමත් මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒමේ උත්සාහයට විරුද්දව සමාජ ජාලාවල කණ්ඩායම් යොදවමින් ඊට එරෙහි මත සාදමින් සිටියි.

මාකදුරේ මධුෂ්ට ඩුබායිහිදී මරණ දඩුවම දිය යුතු බවටත් ලංකාවට ගෙන ආවහොත් නිදහස් වනු ඇති බවටත් මතවාද ප්‍රචාරය පිටුපස සිටින්නේ මොහු බව පැවසෙයි.

මදූෂ්ට එරෙහිව ඩුබයි නීතිය අනුව කටයුතු කළහොත් ඔහු නැවත ලංකාවට ගෙන ඒම අපහසු වනු ඇතැයි නීතිවේදීහු පවසති. මේ අතර මදූෂ්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ඔහු අත්අඩංගුවට ගත් රටේ අධිකරණය බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස