පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් මේ රටේ මද්‍රාසා ඇතුළු ආගමික පාසල් නතර කිරීමට නිර්දේශ කර ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
එහිමියන් පෙන්වා දෙන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කරනු වෙනුවට මඩකලපුවේ ෂරියා විශ්වවිද්‍යාලය නැවත එහි හිමිකරුවන්ට පවරා දී ඇති බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ වරදක් නැතැයි ද සෝභිත හිමි සඳහන් කළේය.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එකතු වෙමින් එහිමියන් මේ බව කීහ.