මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට උපාධි දෙන්න අයිතියක් නෑ! එය ඉදිරියේ දී අනිවාර්යෙන් ම රජයට පවරා ගන්නවා! – අධ්‍යාපන ඇමැති…

November 27, 2020 at 2:12 pm | by emanisa.lk

හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා විසින් ඉදිකළ මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ඉදිරියේ දී නියත වශයෙන් ම රජයට පවරා ගන්නා බව අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් පවසයි.

අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරේ ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ශරියා නීතිය හෝ මොකක් වුණත් අපි හොයලා බලනවා. විෂයේ නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.

ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිලිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ.

අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *