නීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත් කර ඇතැයි රජයේ ආංචි මාර්ග කියයි.
නීතිපති ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු අදාළ මහ කොමසාරිස් ධූරය හිමි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට ලබා දුන් නව පත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්තුතිය පළ කළ නීතිපතිවරයා තව දුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම කැමැත්ත බව පවසා ඇතැයි වාර්තා වෙයි.
එසේ ම තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් නීතිපතිවරයා විසින් ඉල්ලා ඇතැයි ද දැන ගන්නට තිබේ.
කෙසේ වුව ද මේ සඳහා හේතු වී ඇත්තේ නීතිපතිවරයා සිය සමීපතමයෙකු අතහැර විදෙස්ගත වීමට අකමැති වීම යැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.