මට පාර්ලිමේන්තු යන්න බැරිවීම ගැන පාලිත තෙවරප්පෙරුමත් දුක් වුණා…! – නලින්ද ජයතිස්ස..

April 19, 2024 at 7:31 pm | by emanisa.lk

2020 මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් පරාජයට පත්වූයේ පාලිත තෙවරප්පෙරුම සහ තමන් පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අවස්ථාවේ තමන් දුක් වන්නේ තමන්ට නොව නලින්දට පාර්ලිමේන්තු යාමට නොහැකි වීම පිළිබඳ යැයි පාලිත සිය හිතවතුන්ට සහ මාධ්‍යයට ප්‍රකාශ කළේ යැයි හෙතෙම ප්‍රකාශ කරයි.

එවැනි ප්‍රකාශයක් එකම පක්ෂයක අයෙකු වුව ද කියනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ද එවැනි පුද්ගලයෙකුගේ වියෝව සංවේගජනක බව ද නලින්ද ජයතිස්ස සඳහන් කළේ අද (19) පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංග උත්සව සභාව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *