මට ජවිපෙත් එක්ක නම් හිට ගන්න බෑ..! – දමිතා….

October 27, 2022 at 3:34 pm | by emanisa.lk

අරගලය වෙනුවෙන් අදත් පාර්ලිමේන්තුවේ පෙනී සිටින්නේ සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා ඇතුළු සජබ පිරිස් පමණක් බව අරගල නායිකා, රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

ජවිපෙ අදහස්වලට සහ එහි සිටින පිරිසට තමා ගරු කරන නමුත් ලිබරල්වාදියෙකු වන තමන් සිටගත යුත්තේ එම මතවාදයට ගැළපෙන තැනක බවයි, දමිතා පෙන්වා දෙන්නේ.

එජාපය සහ පොහොට්ටුව දැන් දෙකක් නොව එකක් බවත් ඊට ඇති එක ම විකල්පය සජබ පමණක් බවත් ඇය ප්‍රකාශ කරයි.

තමන්ගේ පින්තූර පළ කරමින් විවිධ පුවත් නිර්මාණය වුව ද තමා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් සමාජවාදය සමග සිටගත නොහැකි බවත් දමිතා අබේරත්න අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *