මේ රටේ ගැටලු විසඳීම සඳහා ඇති හොඳම ක්රමය සර්වපාක්ෂික ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
ඒ සඳහා තමන් සියලු පක්ෂ නායකයින් වෙත ආරාධනා කළ බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ගතානුගතික දේශපාලනයට තිත තැබිය යුතු බවත් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා එකතු විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ අවස්ථාවේ තමන්ට ගෙදර යන්නැයි නොකියන ලෙසත් දැන් යාමට ගෙයක් නොමැති නිසා හැකි නම් කොළඹ පැමිණ ගෙයක් හදා දෙන ලෙස ද ජනාධිපති රනිල් වික්රමසිංහ ඉල්ලා සිටියේය.