මට එක එකාට කඩේ ගියාට ලැබුණේ රෝල් එකයි කිරි තේ එකයි විතරයි…! – නිර්මාල් දේවසිරි..

July 1, 2023 at 6:39 pm | by emanisa.lk

1988 සිට තමන් එක එකාට දේශපාලන වශයෙන් කඩේ ගිය බව මහාචාර්ය නිර්මාල් දේවසිරි පවසයි.

කඩේ යාම, චයිනීස් රෝල් සහ කිරි තේ!!!
=========================
එක එකාට දේශපාලන වශයෙන් කඩේ යාමේ මගේ ඉතිහාසය දිගු එකකි. එය 1988 දක්වා ඈතට දිවයයි.

එහි තීරණාත්මක අදියරක් එළඹෙන්නේ 2010න් පසුවයි. මේ කාලය තුළ බොහෝ දෙනා තමන්ට කඩේ යාමට පැමිණෙන්නැයි මට ආරාධනා කොට ඒ අය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවලට මා සහභාගී කරවා ගති.

ඒ වෙනුවෙන් කිරිතේ කෝප්පයක් හා චයිනීස් රෝල් එකක් ලැබුණි. පසුගිය අවුරුද්දක කාලය තුළ එසේ මාධ්‍ය සාකච්ඡා සංවිධානය කළ බොහෝ දෙනෙක් මා සමග දේශපාලන වශයෙන් තරහ ය. චයිනීස් රෝල් එක හා කිරි තේ එක අහිමි වීම පාඩුවක් වුව ද ඒ අය තරහ වීම නම් වාසියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *