අර්බුදය නැමැති කොටියා ආවා…! පැත්තක හිටි ගෝඨා කරගැහුවා…! සජිත්ට අර්බුදයේ පරිමාවවත් කිසිදා වැටහෙන්නෑ…! – ආචාර්ය නිර්මාල් දේවසිරි…

November 22, 2021 at 10:06 pm | by emanisa.lk

හැමදාම එනවා එනවා කියා කියූ ලංකාවේ “අර්බුදය නැමැති කොටියා” නියමාකාරයෙන් පැමිණ ඇත්තේ දැන්ය. දැන් ඇත්තේ කලක සිට වර්ධනය වූ දේශපාලන අවිනිෂ්චිතභාවය තියුණු ආර්ථික අර්බුදයක් සමග සම්බන්ධ වී ඇති වී ඇති බහුපාර්ශ්වීය අර්බුදයකි.

පැත්තක සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පාපයට කරගසා ඇත. එයට ඒ මහතා ද වගකිව යුතුය. ඒ අර්බුදයේ පරිමාණය නොදැන තමන්ට එය විසඳිය හැකි යැයි සිතූ නිසා හා වියත්මග යන සංවිධාන පඩංගුවක් අටවා ගෙන තමන්ගේ වැඩ කරගැනීම සඳහා ව්‍යාජ “වියතුන්” රැලක් ගෝඨාභය මහතාට දුන් ලණු කෑම නිසාය.

දැන් ඇණ්ඩුවට විරුද්ධ පිරිස් පෙළ ගැසී සිටින්නේ මේ ආණ්ඩුව පෙරළුණහොත් බලය ඩැහැගැනීමට විනා මේ අර්බුදයේ පරිමාව මහජනයාට පැහැදිලි කරදී එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන මහජන සාකච්ඡාවක් ඇති කිරීමට නොවේ.

ජවිපෙ නායකයෝද කඩ පොළවල් ගානේ කොළ බෙදමින් ද, පොල් අතු වියමින්ද, කාණු සුද්ද කරමින්ද මහ ජනයාගේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරති. මෙවැනි දේට රැවටී ඉදිරි මැතිවරණයේ දී වැරදීමකින් හෝ තමන්ට ආණ්ඩු බලය ලැබුණොත් අර්බුදයේ පරිමාව ජවිපෙට ද තේරෙනු ඇත. සජිත්ට නම් එය මේ ආත්මේදී නොතේරෙනු ඇත.

දැන් මේ රටට අවශ්‍ය වන්නේ මේ අර්බුදය නිසි පරිදි වටහාගන්නා නිහතමානී දේශපාලන නායකත්වයකි. ගෝඨාභය මහතාට පවා අවශ්‍ය නම් ඒ ප්‍රවේශය ගැනීම සඳහා සිතා බැලිය හැක.

නිර්මාල් දේවසිරි…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස