මට ඇති ජනතා විශ්වාසයේ විශාලත්වය ලැබෙන ලියුම් මල්ලෙන් පේනවා…! – සජිත්…

December 7, 2022 at 7:56 pm | by emanisa.lk

රටේ ජනතා විශ්වාසය ඇත්තේ තමන්ට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දැරණියගල පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

විසඳුම් ඉල්ලා ජනතාව තමන්ට ලියුම් මල්ලක් දැරණියගල දී ලබා දුන් බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එම ලියුම් ජනාධිපතිට හෝ අගමැතිට හෝ ලබා දී පලක් නැතැයි ජනතාව දන්නා බව ද හෙතෙම කීය.

එහෙයින් ජනතාව තමන්ට එම ගැටලු යොමු කර ඇති බවත් ඒවා ගැටලු නොව ජනතා විශ්වාසය ලෙස තමන් සලකන බවත් සජිත් ප්‍රේමදාස එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *