තමන්ට අදටත් පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුපක් හිමි වන නමුත් එය කොපමණ මුදලක්දැයි තමන් නොදන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න මහතා පවසයි.
“දැන් අපේ ජනාධිපතිට තාම වැටුප් හම්බුණේ නෑ. දැන් එයාගෙ පළවෙනි වැටුප හම්බෙන්නෙ. ඒ වැටුප එයා ගන්නෙ නෑ, එයාට ගන්න බෑ. මට දැනුත් හම්බවෙනවා වැටුපක්. පාර්ලිමේන්තුවෙන් පැන්ෂන් හම්බවෙනවා. අර නාමයෝජනා භාරදෙනකොට වත්කම් – බැරකම් ප්රකාශයක් දෙන්න ඕනෙ නෙ. මේ වත්කම් ප්රකාශය මම පුරවන්න යනකොට ඒකෙ දාන්න තියෙනවා ආදායම්. මම දැන් කෝල් එකක් දීලා අහනවා මගේ වැටුප කීයද කියලා.
මං මේ කෝල් එක ගන්නකොට හතර දෙනෙක් විතර හිටියා මං ළඟ. මං කියනවා මේකෙ ෆොටෝ කොපියක් මට වට්ස් ඇප් දාන්න කියලා. මං ළඟ හිටපු කට්ටිය හිනාවෙනවා. ඇයි මම කෝල් එකක් දීලා අහන්නෙ? මට හම්බෙන වැටුප මම දන්නෙ නෑ. ඇයි දන්නෙ නැත්තෙ ? ඒක මම තව වෙනකල් දැකලා නෑ. මට ඒක අතගාන්න, මට ඒක ගන්න හිමි නෑ.
මම ලියුමක් දීලා තියෙනවා පාර්ලිමේන්තු මහලේකම්ට මගේ විශ්රාම වැටුප පොදු අරමුදලට යවන්න. අනුර සහෝදරයා පාර්ලිමේන්තු ඉන්නකොට එයාත් මේක දීලා තිබුණා. ඒක තමා මේකෙ ක්රමය. මට හම්බෙන වැටුප ඇතුළු දේශපාලනඥයින්ගේ විශ්රාම වැටුප ලබන 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වුණාම නුදුරුම ඊළඟ පාර්ලිමේන්තු වාරයකදී අපිට ලැබෙන විශ්රාම වැටුප අහෝසි වෙනවා. ඒ යෝජනාව අපි පාර්ලිමේන්තුවට ගේනවා.”
නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) ඉබ්බාගමුව ප්රදේශයේ පැවති ප්රචාරක රැස්වීමක් අමතමිනි.