මචං පාට් දාලා රටේ ණය නොගෙවා ඉන්න බෑ… ණය නොගෙව්වොත් සමෘද්ධි බැංකුවත් නඩු දානවා…! – සජිත්…

April 14, 2024 at 5:44 pm | by emanisa.lk

මේ රටේ පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කවුරු දේශන කරමින් කයිවාරු ගැහුව ද ඒ සඳහා විසඳුම් ලබා දීමට කයිවාරුවෙන් නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ “මචං ණය ටික අමතක කරලා දාමු” යැයි පවසා රටේ ඩොලර් බිලියන 100ක දෙස් විදෙස් ණය පියවිය නොහැකි බවයි.

ගමේ සමෘද්ධි බැංකුව, සණස බැංකුව පවා ණයක් නොගෙවූ විට නඩු පවරන පසුබිමක ජනතාව රැවටීමට එවැනි විහිළු කතා නොපැවසිය යුතු බව ද සජිත් ප්‍රේමදාස කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 155 වැනි අදියර යටතේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව රාකීය විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. පාසලේ දක්ෂ දරුවකු වූ එච්. කේ. ඒසර වෙත ලැප්ටොප් පරිගණකයක් ද පරිත්‍යාග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *