සිය පක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියේ ආණ්ඩුව නිරුත්තර වී සිටින බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (02) පැවසීය.
අලුත්කඩේ පැවති සිය අවසන් ජන රැලියේ දී ඔහුුමෙෙසේ පැවසීය.
අපේ වැඩසටහන ඉදිරියේ අද රටේ ආණ්ඩුව නිරුත්තරව සිටිනවා. ආණ්ඩුවට කට – උත්තර නැහැයි කී සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙසේද පැවසීය.
“දැන් සමහරුන් හිතනවා මේ ඡන්දය දිනන්න ලබා දෙන පොරොන්දු කියලා. නමුත් මේ යෝජනාවලට බැරෑරුම් අර්ථයක් තිබෙනවා. මේවා පසුපස ආර්ථික විද්‍යාත්මක පදනමක් තිබෙනවා. අද ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ.”