මගේ පැන්ෂන් එක කපලා හරි ජනතා ප්‍රශ්න විසඳනවා නම් සතුටුයි…! – මෛත්‍රී…

November 14, 2021 at 9:58 pm | by emanisa.lk

තමන්ගේ විශ්‍රාම වැටුප කපා ඉතිරි කරගන්නා මුදලින් ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා නම් ඒ පිළිබඳ තමා සතුටු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳීම සඳහා මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප කැපීමෙන් දැයි මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනතාව අපේක්ෂා කළ සහන අයවැයෙන් නොලැබුණේ නම් එය විමසා බැලිය යුත්තේ මුදල් ඇමැතිවරයාගෙන් බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *