මගේ කතාව ඉංගිරිසියට පරිවර්තනය කරද්දි වරදක් වෙලා…! තෙල් ටැංකි නැවත පවරා ගන්නා බවක් මම කීවේ නෑ…! – ගම්මන්පිල…

February 20, 2021 at 12:43 pm | by emanisa.lk

ඉන්දියානු තෙල් සමාගමට බදු දී ඇති තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට පවරා ගන්නේ යැයි තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

“පවරා ගන්නවා කියලා මම කිසිසේත්ම කිව්වෙ නෑ. මාධ්‍ය ආයතනයක් ඉංග්‍රීසියෙන් යවද්දී සහ ඉංග්‍රීසි පුවත්පතට මගෙ සිංහල කතාව පරිවර්තනය කරද්දී වරදක් කරලා තියෙන්නෙ. එහි දී රීඇක්වෙයා (reacquire) කියන වචනය පාවිච්චි කරලා තිබුණා.

මගෙ කතාව ඔබට ඇහෙන්න ඇති, මාධ්‍යවල කිව්වා. මම එතන ඉතා පැහැදිලිව කියනවා ඉන්දියාවට බදු දුන්න ඒ තෙල් ටැංකි යළිත් අප සතු කරගන්නවා, තෙල් සංස්ථාවට බහුතරය තියෙන ඉන්දියානු ලංකා තෙල් සමාගමත් ප්‍රධාන කොටස්කරුවෙකු වෙන සමාගමකින් ඒවා සංවර්ධනය කර පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. සංස්කරණයේ දී තමා ඒක වෙනස් වෙලා තියෙන්නෙ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *