යූඇන්පිය ඉන්දියාවට දුන් තිරිකුණාමල තෙල් ටැංකි ළඟඳිම ලංකාවට….! නෞකා සඳහා තෙල් සැපයුම් මධ්‍යස්ථානයක් හදන්න සැලසුම්…!

February 17, 2021 at 5:44 pm | by emanisa.lk

තිරිකුණාමල පිහිටි තෙල් ටැංකි සමූහය නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

කොළොන්නාවේ අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ඉන්ධන ටැංකි ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජා පසුගිය ඉරිදා සාර්තකව අවසන් කර ගැනීමට හැකිවූ බවයි.

” ඉන්දීය මහ කොමසාරිස්වරයාට මුලින්ම ස්තුතියි වෙන්න ඕන එතුමා 2017 ගිවිසුමේ තිබු කොන්දේසි අමතක කොට අප විසින් වෘත්තිය සමිත සමග සාකච්ජා කරලා ගත් තීන්දු මත ඉදිරිපත් කරපු කොන්දේසිවලට එකඟව එම ඉන්ධන ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවීම සම්බන්ධයෙන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ඉන්ධන ටැංකිවලින් කිසිම කාර්යක් සිදුකරන්නේ නැතිව අත්හැරලා තිබ්බා. 2003 වර්ෂයේදී මෙම ඉන්ධන ටැංකි ඉන්දියානු තෙල් සමාගමට බදු දෙනු ලැබුවා. නමුත් අපි කියන්න සතුටුයි නුදුරේදීම එම ඉන්ධන ටැංකි ශ්‍රී ලංකාව සතුවෙනවා කියලා.

එම ඉන්ධන ටැංකි මගින් අපිට හැකිවනවා තිරිකුණාමලය ආසන්නයෙන් ගමන් කරන නෞකාවලට ඉන්ධන සැපයීම සිදුකරන්න. මේ සඳහා අපිට ඉන්දියාවේ සහය අත්‍යවශ්‍ය වනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස