මගේ ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 6කින් විසඳුම්..! – සජිත්…

June 26, 2022 at 5:51 pm | by emanisa.lk

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60000කට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසදුම් ලබා දෙන බව අද (26) සමගි ජන බලවේග දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවස්ථා 2ක දී පමණක් ආණ්ඩු බලය ලැබුණත් තමා විපක්ෂයේ සිටින කාලයේ 60000කට ආසන්න පිරිසක් දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහ මැතිවරණ සමය ආසන්න වන විට දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට නිසි සාධාරණයක් ඉටු කරන බවට පැවසුවත් ඔවුන්ට මේ වන තෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා ලෙස කටයුතු කරන අවදියේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ සියයට 90කගේ ඉල්ලීම්වලට සහ අභියාචනාවලට විසඳුම් දුන් බවයි. එසේම ඒ සඳහා කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *