මගේ ආණ්ඩුවක් යටතේ බදු ගහන්නේ නෑ,..! හොරා කෑ ඩොලර් ගෙනැත් රට හදනවා..! – සජිත්…

October 18, 2022 at 11:27 am | by emanisa.lk

බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කළ නොහැකි ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ හොරු අල්ලා එම හොර කල්ලිය කොල්ලකෑ ඩොලර් මේ රටට ගෙනැවිත් රාජ්‍ය ආදායම වැඩි කරගත හැකි බවයි.

සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ රාජ්‍ය ආදායම වැඩි කිරීමේ වගකීම මුදල් ඇමැතිට සහ හොරු අල්ලන ඇමැතිට භාර දෙන බව ද හෙතෙම සඳහන් කරයි.

හොරු අල්ලන ඇමැති ලවා හොරා කෑ ඩොලර් ටික නැවත රටට ගෙනැවිත් ලක්ෂ 220ක් ජනතාව ජීවත් කරවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *