මං වැටුප ගන්නේ දුප්පත් මන්ත්‍රීවරු අපහසුතාවට පත්වන නිසයි…! – සනත් නිශාන්ත…

September 10, 2022 at 6:09 pm | by emanisa.lk

ඉතා ම අපහසුතාවෙන් ජීවන් වන අඩු ආදායම්ලාභී මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හා රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු සියයට සියයක් ම සම්පූර්ණයෙන් වී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

තමා ව්‍යාපාරිකයෙකු නිසා වැටුප් නොගෙන වැඩ කිරීමට හැකියාවක් ඇතත් එසේ වුවහොත් සනත් නිශාන්තලා මෙන් වැටුප් නොගෙන වැඩ කරන ලෙසට අඩු ආදායම්ලාභී මන්ත්‍රීවරුන්ට ඇතැමුන්ගෙන් බලපෑම් එල්ල වන නිසා තමන් වැටුප් ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

තමන් වැටුප් ලබාගන්නා නමුත් එම සියලු වැටුප් සිය පෞද්ගලික පරිහරණයට යොදා නොගෙන මහජන සේවය සඳහා යොදන බව ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේ සිට තමා ලබාගත් වැටුප් ජනතා සේවය සඳහා යෙදූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *