භූමදානය සිදු කළහොත් කොරෝනා පැතිරෙනු ඇතැයි තමා කළ ප්‍රකාශය පර්යේෂණයක් මත පදනම් වෙමින් සිදුකළ එකක් නොවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි.
එසේ ම භූමදානයෙන් කොරෝනා පැතිරෙන්නේ දැයි සොයා බැලීමට සිදුකළ පරීක්ෂණයක් පිළිබඳ සිය මතකයේ නැති බවත් ඇය පවසයි.
අනිත්දා පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ. කොරෝනා මරණ භූමදානය නිසා අතිශය භයානක ප්‍රතිඵල ඇතිවනු ඇතැයි ඇය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසූ විට ඈ මේ බව සඳහන් කර ඇත.