නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍ය පල්ලේගම සුමන හිමියන්ට හා කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළ දී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස විහාරස්ථානයට කඩා වැදී අදාළ භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට නිරුත් කර පහර දී එය වීඩියෝගත කර සමාජමාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
පහර දී තුවාල සිදුකිරීම හා විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබු හිමියන් සහ එක් කාන්තාවක් ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබෙන අතර පහර කෑමට ලක් වූ 22 හැවිරිදි අනෙක් තරුණිය ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ රඳවාගෙන ඇත.