භික්ෂුවගෙන් පමණක් පාරිශුද්ධභාවය බලාපොරොත්තු වීම රෝගයක්…! – පාහියංගල ආනන්ද සාගර හිමි…

July 11, 2023 at 11:53 am | by emanisa.lk

දරුණු ලෙස පිරිහී ඇති වත්මන් සමාජ-ආර්ථික ක්‍රමය තුළ භික්ෂුවගෙන් පමණක් සුපිරිසිදුභාවයක් බලාපොරොත්තු වන්නේ නම් එය ඉතා ම අසාධාරණ බව සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

“මුළු මහත් ලෝක සමාජයම පිරිහෙනකොට භික්ෂුවට විතරක් මේ කුණුවෙලා වැගිරෙන සමාජ ක්‍රමය ඇතුළේ නෙළුම් මල් වගේ පිපෙන්න බැහැ කියන එක පැහැදිලිව තේරුම් කරගන්නට ඕනෙ.
විශේෂයෙන්ම මේ වෙනකොට මේ තියෙන සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, මේ තියෙන පීඩිත විකෘති ක්‍රමය ඇතුළෙ භික්ෂුවගෙන් විතරක් සුපැහැදිලි නිර්මල චරිතයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක බරපතළ අර්බුදයක්. ඒක මානසික රෝගී තත්වයක්.

ඒ නිසා මේ තත්ත්වය පිළිබඳව අපි තේරුම් කරගන්න ඕනෙ එකටම. දෙවැනි එක තමයි අපි විශ්වාස කරනවා මේ භික්ෂුන් වහන්සේලාවත්, යම්කිසි පාර්ශ්වයත්, ජනතාවත් හරි මගට ගන්නට ඕනෙ කියලා. ඒ උන්වහන්සෙට සුදුහුණු ගාන්නටවත් ඒ ක්‍රියාව අනුමත කරන්නටවත් අපි පෙනී සිටින්නෙ නෑ.

හැබැයි මේ සමාජ ක්‍රමය ඇතුළෙ උන්වහන්සෙලාගෙන් විතරක් සුපිරිසිදු බව බලාපොරොත්තු වෙන එක ඉතා අසාධාරණ පිළිකුල් සහගත ක්‍රියාවක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුවගේ ප්‍රතිරූපය කෙළෙසන කාර්යය අහඹු සිද්ධියක් ද කියන එක ගැන හොඳ සාකච්ඡාවක් කරන්නට වෙනවා.”

පාහියංගල ආනන්ද සාගර හිමි මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *