භාග්‍යා ගමට එපා වෙයි…! බ්‍රහ්ම දණ්ඩනය පනවයි….!

March 31, 2021 at 11:39 am | by emanisa.lk

සිංහරාජ වනාන්තරය විනාශ කරන බවට සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ භාග්‍යා අබේරත්න සමඟ ඇ‍ගේ ගමේ ජනතාව කතාබහ නොකරන බව වාර්තා වෙයි.

රත්නපුර රක්වාන ප්‍රදේශයේ 19 හැවිරිදි භාග්‍යා සිංහරාජ වනාන්තරය කපා හොටලයක් ඉදිකරන බවට ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික ඉඩමක් බව පසුව අනාවරණය විය.

ඈ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම වන්නට පෙර තමන් සමඟ සිටි ගමේ පිරිස් බොහෝමයක් අද තමන්ගෙන් ඈත් වී ඇති බව ය.

රාජ්‍ය නිලධාරීන්ගෙන් තමන්ට තර්ජන ඇතැයි කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නැතැයි පවසන භාග්‍යා ගමේ කැලෑ විනාශය ප්‍රශ්නයක් වී ඇත්තේ තමන්ට පමණක් යැයි හැඟෙන බව ද පවසා තිබේ.

භාග්‍යා අබේරත්න මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *