බෞද්ධ-මුස්ලිම් දෙපිරිසක් එක්ව දර්ගා ටවුමේ බෝ ගහ කපලා..!

November 18, 2022 at 9:56 am | by emanisa.lk

අලුත්ගම දර්ගා නගරයේ වසර විසි පහකට වඩා පැරණි බෝ ගසක් කපා දැමූ හත් දෙනෙකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දර්ගා නගරයේ අඹගහ හංදියේ පිහිටි මෙම බෝ ගස කපා දැමීම සම්බන්ධයෙන් බෞද්ධ හිමිනමක් හා ප්‍රදේශවාසීන් අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ අනුව සිද්ධියට සම්බන්ධ සිංහල ජාතිකයන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගේ මෙම ක්‍රියාව ජාතිවාදී කෝලහාලයක් දක්වා වර්ධනය වී ඇති අතර පොලිසියේ සහ ප්‍රදේශවාසීන් මැදිහත්වී එම තත්ත්වය පාලනය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනාරක්ෂිත තත්ත්වයක පැවතීම නිසා බෝගස කැපීමට උත්සහා කළ බවට පොලිසිය හමුවේ සඳහන් කර තිබේ. කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *