පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරිය කඩා, රැඳවියන් 5 දෙනෙකු පළා යමින් සිටියදී, එක් අයකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 30ක් වයසැති අනුරාධපුරයේ පදිංචි අබ්දුල් රහීම් නමැත්තාය.
පළා යාමේ දී තාප්පයෙන් බිමට වැටී තුවාල ලැබීමෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි පැවසේ. තාප්පයෙන් වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 24 හැවිරිදි තවත් රැඳවියෙක් මහ නුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.
සෙසු රැඳවියන් පොලිස් නිවාස ප්‍රදේශයට පළා ගොස් ඇති බව ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව ද සඳහන් ය.
මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම රැඳවියන් නිරෝධානට ලක් කර තිබිය දී මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.