ඩිපෙන්ඩර් අනතුරට අත්අඩංගුවට ගත් 7කට ඇප!

February 25, 2019 at 6:30 pm | by admin

බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා අතරින් හත් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) ඇප ලබා දීමට කටයුතු කළේය.

අදාළ අනතුර සිදු කළ ඩිපෙන්ඩර් රථය පදවා ගෙන පැමිණි රියදුරු ලබන මස 11 වෙනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ඇප ලැබූ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුදම්මික ආටිගල ද වෙති.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සාමාන්‍ය ජනතාව සහ මාධ්‍ය අධිකරණයෙන් ඉවත් කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *