ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ BBC ආයතනය සැලකිලිමත් වන්නේ නම් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල ශ්‍රී ලංකාවට වැඩිපුර එන්නත් තොග එවන්නැයි ඉල්ලා නොසිටින්නේ ඇයි දැයි චීනය අසයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉන්දියාව ආසන්නයේ චීන බලපෑම ඉහළ නැංවීමට හේතු වී ඇති බවට BBC පුවත් සේවය පළකර ඇති ලිපියක් සම්බන්ධව සිය ප්‍රතිචාරය දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා පමණක් නොව ඉන්දියාවේ කොවිඩ් මර්දනය සඳහා ද තමන් උදව් කරන බව චීනය පවසයි.
පසුගිය අප්‍රේල් මස පමණක් වෙන්ටිලේටර්ස් 26 000ක් සහ ඔක්සිජන් ටොන් 3400ක් ඉන්දියාවට පරිත්‍යාග කළ බව ද චීනය සිහිපත් කරයි.