බුරවි අද රාත්‍රීයේ රටට ඇතුළු වෙයි! මුහුදු රළ ගොඩ ගලන බවට අනතුරු ඇඟවීම්!

December 2, 2020 at 12:48 pm | by emanisa.lk

බුරවී ​සුළි කුණාටුව අද (2) තිරිකුණාමලයට කි.මී. 240 ක් නැගෙනහිරට වන්නට ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 83.4 ත් ආසන්නව ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සුළි කුණාටුව තිරිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් දිවයිනට අද (2) රාත්‍රී කාලයේ ඇතුළු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර 80–90ත් දක්වා පමණ වන බවත් විටන් විට කිලෝමීටර 100 දක්වාත් වැඩිවිය හැකි බවත් දැක්වේ.

මේ හේතුවෙන් තිරිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 01ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රටේ සියලු ම ප්‍රදේශවල ධීවරයින් වෙත නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙයට පෙර අවවාද කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *