බුද්ධිමතෙකුට කාබනික වගාව අභියෝගයක් නෙමෙයි…! අවුරුදු දෙකෙන් මම රට හදල පෙන්වන්නම්…! – සිරි සමන්තභද්‍ර හිමි…

November 8, 2021 at 9:54 pm | by emanisa.lk

බුද්ධිමත් කාර්යසූර්ය මිනිසෙකු හමුවේ ඕනෑ ම අභියෝගයක් තවත් එක් වැඩ කිරීමට ලැබෙන අවස්ථාවක් බව සිරි සමන්තභද්‍ර හිමි පවසයි.

මේ රටේ ජනතාව වැඩවර්ජනය කිරීමට මිස වැඩ කිරීමට නොපෙළඹීම අපට ඉතිහාසයේ සිදු වූ ලොකු ම වරද බව ද එහිමියෝ පෙන්වා දෙති.

ලෝකයේ හොඳ දේවල් කිරීම ඉතා ම අපහසු බවත් අපේ රටේ වටකර ගෙන පහර දෙන්නේ හොඳ දේවල් කරන අයට බවත් සමන්ත්‍රභද්‍ර හිමි සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ රසායනික පොහොර තහනම තමා අනුමත කරන බවත් විද්‍යා උපාධිධාරියෙකු ලෙස එම දැනුම යොදා ගෙන තමා ද ජනතාව එකතු කර ගෙන කාබනික වගාවෙහි නිරත වෙමින් ඊට ජනතාව පෙළගස්වන බව ද උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කරති.

තමා වෙත මිනිස්සු 200ක් ලබා දී උමන්දාව වැනි ආයතන 10ක් රට පුරා හදන්නේ නම් මේ රට අවුරුදු දෙකෙන් තමා හදන බව ද එහිමියෝ අවධාරණය කරති.

සිරිසමන්තභද්‍ර හිමි මෙම අදහස් පළ කළේ, ඉරාජ් යුටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස