බිත්තර මිල අඩු කිරීම සඳහා බිත්තර ව්‍යාපාරිකයින්ට දින 03ක් ලබා දුන් බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.
එසේ නොකරන්නේ නම් දෙසැම්බර් 31 දක්වා පමණක් බිත්තර ආනයනය සඳහා දැනට අවසර ලබා දී තිබුණ ද එය අප්‍රේල් දක්වා දීර්ඝ කරන බවයි, ඇමැතිවරයා අවධාරණය කළේ.
දැනටත් ආනයනිත බිත්තර මිලියන 6ක් පමණ ගබඩා කර ඇති බවත් ඒවා මේ වන විටත් සතොස ඔස්සේ වෙළඳපොළට නිකුත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් නලීන් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කරයි.